Profile

දේශකවරයාගේ න්‍යායික හා වෘත්තීය ගිණුම්කරණ පසුබිම. 

උසස් පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ ඉහලම ප්‍රතිඵලයක් හිමිකරගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණය අධ්‍යනය හා වාණිජ විද්‍යා පීඨයට සුදුසුකම් ලැබ ඉනුත් විභාග ප්‍රතිඵල මත ඉහලම ලකුණු ලබාගත් සිසුන් පමණක් තෝරාගන්නා ගණකාධිකරණ අධ්‍යනය අංශයට තේරී පත් වූ තුෂාර නාකන්දල මහතා විද්‍යාවේදී ගිණුම්කරණ විශේෂ උපාධිය පන්ති සාමාර්ථයක් සහිතව B.Sc (Accounting)Sp.Hons හිමිකර ගත්තේය.

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ යාවජීව සාමාජිකයෙකි (MAAT) 

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ අවසාන අදියර සමත්ව සිටින (CA Finalist) අතරම එම ආයතනයේ සහතිකලත් ව්‍යාපාර ගණකාධිකාරීවරයෙකු ලෙස (CBA - Certified Business Accountant) සුදුසුකම් ලබා ඇත. 

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ විභාගයන්හි ගිණුම්කරණය හා පිරිවැය පිළිබඳව ශ්‍රී ලංකාවේ පළමුවැන්නා ලෙස ත්‍යාග හිමිකරගෙන ඇත. (CA Prize Winner) 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙලේ විගණන සමාගමක කළමනාකරුවෙකු ලෙස ගිණුම්කරණයේ ප්‍රායෝගික භාවිතයන් හා ගිණුම්කරණ ප්‍රමිතීන් පිළිබඳව මනා පරිචයක් ලැබුවෙකි. 

රාජ්‍ය අයවැය සම්පාදනයෙහිලා සමාජසේවා දෙපාර්තමේන්තුවේහි මූල්‍ය ගිණුම් ඇස්තමේන්තු හා අයවැයකරණ ක්‍රියාවලියෙහි ප්‍රධානියා ලෙස කටයුතු කල අයෙකි. 

ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ බැංකු හා මූල්‍ය පිළිබඳව සහතිකපත් ලාභියෙකි.


No comments:

Post a Comment