උ.පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ට ඉදිරි කටයුතු සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මාර්ගෝපදේශ පත්‍රිකාවක්
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මාර්ගෝපදේශ අත්පත්‍රිකාවක් ලබාදීමට පියවර ගෙන තිබේ.
“19+ ජයග්‍රාහී මාවතක් කරා .......” යනුවෙන් සකස් කර ඇති මෙම අත්පත්‍රිකාව සම්පාදනය කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය සමගාමී මාර්ගෝපදේශ හා උපදේශන ශාඛාවයි. උසස් පෙළ විභාගයට මුහුණදීමෙන් පසු දරුවන්ට විධිමත් සහ පිළිගත් උසස් අධ්‍යාපන ප්‍රවේශයක් සකස් කිරීමට මඟ පෙන්වීම සහ උසස් පෙළ විභාගයෙන් අනතුරුව දරුවන් මුහුණ දෙන අභියෝග සඳහා අත්වැලක් සැපයීම මෙහි මූලික අරමුණයි.
මෙම අත්පත්‍රිකාව නිල වශයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත පිළිගැන්වීම පසුගියදා සිදු කෙරුණි. ඒ අමාත්‍යාංශයේ විෂය සමගාමී මාර්ගෝපදේශ හා උපදේශන ශාඛාවේ නිලධාරීන් අතිනි.
අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත මෙරට පාසල් ඉතිහාසයේ ප්‍රථම වතාවට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන් වෙනුවෙන් මාර්ගෝපදේශ අත්පත්‍රිකාව සකස් කර තිබේ.
ඉදිරියේ දී මෙම අත්පත්‍රිකාවට අදාළ තොරතුරු සවිස්තරාත්මකව ඇතුලත් කරමින් උසස් පෙළ දරුවන්ට ලබාදීම සඳහා වෘත්තිය මාර්ගෝපදේශ අත්පොතක් සකස් කිරීමට ද මේ වනවිට පියවර ගෙන තිබේ.
පසුගියදා අමාත්‍යවරයා වෙත පිළිගැන්වූ අත්පත්‍රිකාව මේ වනවිට උසස් පෙළ විභාගයට පෙනී සිටි සියලු අපේක්ෂකයින් සඳහා ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව සමඟ එක්ව කටයුතු කර ඇත.
No comments:
Post a Comment