Thursday, 30 August 2018

ඔබත් එන්න හර බැරට හරබරම පන්තියට


ඔබත් එන්න 

හර බැරට හරබරම පන්තියට

හරබර කරන්නට උගන්වන්නේ ගිණුම්කරණය පන්ති ගණන බොහෝ වෙතත් ඒ සෑම පංතියක්ම හරබර වන්නේ දේ සිතා බැලිය යුතුය. ගිණුම්කරණය යනු පොත් පිටු අතර හිර වූ සීමා මායිම් ලකුණු කොට නතර කළ හැකි විෂයක් නොව න්‍යායික පදනමක් මත ප්‍රායෝගිකකරණය වූ යාවත්කාලීන වෙන විෂයකි. ඒ බව ගිණුම්කරණ විෂය නිර්දේශය කියවා බැලීමේදී පැහැදිලි වනු ඇත. එබැවින් ගිණුම්කරණය උගන්වන ගුරුවරයකු ගිණුම්කරණය පිළිබඳ න්‍යායික දැනුම මතු නොවන වෘත්තීමය හා ප්‍රායෝගික කරණය වූ දැනුමක් ද සහිත වූවකු වීම අත්‍යවශ්‍ය වේ. ඔබ තෝරා ගන්නා ගිණුම්කරණ ගුරුවරයා මෙම සුදුසුකම් සපුරන්නේදැයිසොයා බැලිය යුතුමය. අන් විශයක් මෙන් නොව මෙම විෂයෙහි පවතින න්‍යායික හා ප්‍රායෝගික භාවය ඔබට පසක් කර ගත හැකි වන්නේ ගණනින් අතළොස්සක් තරම් වන එබඳු ගුරුවරුන්ගෙන් පමණි . 

අප ගිණුම්කරණය පිළිබඳ පංති සාමාර්ථයක් සහිත උපාධියකින් ද, වෘත්තිය ගිණුම්කරණ විභාගයන්හි සාමාර්ථයන්ගෙන්ද මනා වෘත්තිය ගිණුම්කරණ පුහුණුවකින් හා පරිචයකින්ද වසර 9ක ගුරු භූමිකා අත්දැකීම් සහිත ව ද ඔබට ගිණුම්කරණය උගන්වන්නට සූදානම්ව සිටිමු. ඔබත් එන්න හර බැරට හරබරම ගිණුම්කරණ පංතියට